Friday, June 27, 2014

යොවුන් Unknown

පොඩි උන් බාර් මැද
මේස උඩ ඇති බෝල
කෝටු වලින් අනිමින්
බොමින් බීර  මදුපැන් .
කට් වුනු ඔක්ටෝපෑඩ්
සික්ස් පැක්ස් සහ බෛසේප්ස්
ස්ක්වට් ගහන කෙල්ලන්
තන හිර කමිස බැනියම් .
කොණක හිඳි මා
විපරම් කරමින් උන් කෙළි
තරුණ උන් මුන් නම්
ලොවෙත් මහළුය් මා නම්.
කන් පැලී ලේ එන
මගේ දෙසවන් , බඩවැල්
කැඩුණු කඩු සහ ස්වැග්
අහෝ නින්දිත අනෙග් .
විප්ලවෙත් මලගමත්
නොමෙරූ මෙරූ දිස්නෙට වසත්
නම නං කියන්න එපා
මුන් දන්න අඟලේ රෙද්දක් .
dadaගේ college fee
බඳිනකන් මං  free
සංගා හින්දා ලෝඩ්ස් පදිරී
කුමා දෙමළද? පප්පෝ අසතී .

තාත්තාගේ සල්ලී - හොඳින් රට වීසා
දුවපිය නාකි විසිපහේ කොල්ලා ....

ප.ලි : බිල ගෙවා මා ආවෙමි
         බුකොව්ස්කි උඹට හෙනම ගහපි !

Monday, June 16, 2014

මහණ රජ සහ හම්බන්තොට

සතෙකු විද මරා කෑ - මොල කෑලි බලෙන් කෑ 
71ට වෛර 88ට, 90න් පසු මස් මාංස .
සිදුහත් නොසත් දැෆ්ට් පන්ක්  පුත නුඹ රහතේ තූපක්.
රිදී උන්ඩ පිසාචයන්ට , 
මහණ රජ සහ හම්බන්තොට.

කවිය අවිය වූ ජෙප්පෝ සහ 
බොහීමියන් පිකාසෝ .
ඉන්ටෙර්නෙට් පොලීසී සහ 
රැවුල දිග තර්කොව්ස්කි .
අමා මහා පින් මෙසේ දුන් දනට,
වහන්ස මෙයත් ඉන්ස්ටග්රම් සහ ෆේස්බුක් කැපය .

රිදී උන්ඩ පිසාචයන්ට , 
මහණ රජ සහ හම්බන්තොට.....

Friday, February 21, 2014

gray hair and whiskers '14

we actually forgot how to be alive and enjoy things live!too many realizations.

කසා- මුසා

පැණි මුරුක්කු - ගල් අරක්කු
කසාවතට - මුසාවදන
මල්ලි  මමත් සාදු
ත්‍රස්තවාදී හාදු.

හම්බ කොටේ - සිව්රු පොටේ
අතක් කපපි සෙට්ටියෝ
මහණ මහනු - දහම වහනු
දෙකම කපපි තට්ටයෝ

අහෝ ! සහෝ ! ......

පවෙන් මුදා - ගෙලත් කපා
නොතෙක් අපා  දෙපා සතා
පිනයි අමා මෑණි මගේ
පකෝ හරක් කන්න එපා .

අහෝ ! සහෝ !

උසින් වැඩේ මැද අංගුලි
කහට කලෙන් මැද පෙළ වලි
සසර දිගට ආවොත් යලි
බුදුන් වුවත් ගලෙන් පෙලමි.


වල් අලියා ....ගොන් තඩියා .....!

Sunday, February 9, 2014

vote for potato


sometimes a country need a blunt instrument or a sharp dagger.

neither harm or harmless, the confusion is are we all educated enough to 

pick the right one at the right time or may be just a simple potato would do the justice?

well a simple potato can do so much to a lonely island.
dictatorship is a potato.potato potato potato.
carry on (voting)
i mean potato.

Saturday, January 4, 2014

Monday, November 25, 2013

කටු,පෙති සහ වතුර

අපි එක යායට පැලවෙච්ච පතොක් ටිකක්.
කෙඳි කටු වෙනකන් එකට හිටපු අපි,
තාමත් ඉස්සර වගේ වතුර හොයාගෙන යනව.
දැන් කටු විසයි.
එක එකා සී සී කඩ වතුර හොයනව.
එකෙක් පස්සට යනව,
තව'කෙක් හරහට යනව,
දකින දකින හැම මලත් එක්කම එකෙක් බුදියන්න හදනව.
අනිත් එකා තාම පලෑටියක්, ඌ උගෙ කටු උල් කරනව.
මම ඈත තියෙන මලක් හොයාගෙන යනව එතන වතුර ඇති
කියල හිතාගෙන.

දැන් කටු විසයි.
අපි අපි ලඟටවත් එන්න බැ,කටු ඇඟෙ ඇනෙනව.
දැන් වතුර හම්බ උනත් මොකටද?...
තනියෙන් බීලා මැරිල යනව.